FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කඩදාසි මුවාවෙන් ගෙන ආ කෝටි 79ක සිගරට් කන්ටේනරයක් රේගු භාරයට

FM Heart · 1 min read

The Heart Academy
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රැගත් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්‍ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට ෆොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි ලෙස සඳහන් කරමින් ව්‍යාජ ආනයනික ලියකියවිලි ඉදිරිපත් කර මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී ඇත. කඳාන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් සහිත සමාගමක් වෙත මෙම කන්ටේනරය ආනයනය කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බව රේගු විමර්‍ශනවලදී අනාවරණය වී තිබේ. රේගු නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමේදී අදාළ කන්ටේනරය තුළ තිබී සිගරට් කාටුන් 457ක් සොයාගෙන ඇත. මෙවැනි නීතිවිරෝධී භාණ්ඩ මෙරටට ගෙන ඒමේ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව දැඩි පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්‍ග ක්‍රියාත්මක කර තිබේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්‍ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
99mobile