
TIN නැතිව ගනුදෙනු අටක් සිදුකිරීමට ලබන වසරේ අප්‍රේල් දක්වා සහන කාලයක්
FM Heart · 1 min read
අත්‍යවශ්‍ය මූල්‍ය හා පරිපාලනමය ගනුදෙනු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති මෙම තීරණයත් සමඟ, TIN සහතිකය ලබාගැනීම සඳහා මහජනතාවට තවත් මාස පහක සහන කාලයක් හිමි වේ. TIN සහතික ලබාගැනීමේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් ඇතිවීම මෙන්ම මාර්ගගත ලියාපදිංචි කිරීමේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික බිඳවැටීම් සහ අවහිරතා ද මෙම තීරණයට බලපා ඇත. මෙලෙස කල් දැමීමට තීරණය කර ඇති ගනුදෙනු අටට බැංකු ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම, වාහන ලියාපදිංචිය, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් ලියාපදිංචිය, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් පැවරීම සහ ණයපත් (Credit Cards) ලබාගැනීම ඇතුළත් වේ. මීට පෙර බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම යන සේවාවන් දෙක සඳහා පමණක් තාවකාලික සහනයක් ලබාදී තිබිණි. කෙසේ වෙතත්, නව තීරණයත් සමඟ අදාළ ගනුදෙනු අට සඳහාම TIN අංකය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වැනිදා දක්වා කල් දමා තිබේ.

