
වහල මත සෝලා ගහන්න පෙර පරීක්‍ෂා කරන්න QR එකක්..
FM Heart · 1 min read
වහල මත සවි කරන සූර්‍ය පැනල සඳහා අවශ්‍ය වන විදුලි ධාරිතාව නිවස අසලම ඇති ට්‍රාන්ස්ෆෝමරයේ ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව දැනගැනීමට හැකි වූයේ ඒ සඳහා අයදුම් පත් යොමු කිරීමෙන් පසුව පමණක් වීම නිසා පාරිභෝගිකයා දැඩි අපහසුතාවකට පත් විය. බලශක්ති අමාත්‍යංශයේ උපදෙස් මත ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන Electricity Distribution Lanka (pvt) Ltd සමාගම විසින් එම අපහසුතාව මඟහරවමින් සමීප ට්‍රාන්ස්ෆෝමරයේ සූර්‍ය පැනල සවි කිරීමට අවශ්‍ය විදුලි ධාරිතාව ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව මාර්‍ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පරික්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. පහත ලින්ක් එක හරහා සූර්‍ය පැනල සවි කිරීම සඳහා තමන්ට සමීප ට්‍රාන්ස්ෆෝමරයේ ඉතිරි වී ඇති ධාරිතාව පරික්ෂා කර ගත හැකිය.

