
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
FM Heart · 1 min read
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය නොමැති වුවද නව බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව, TIN අංකයක් දැනටමත් ලබාගෙන ඇති පුද්ගලයන්ට එම අංකය පමණක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ලබාදීමෙන් අදාළ සේවාවන් ලබාගත හැකිය. එම තොරතුරු පදනම් කරගනිමින් අදාළ ආයතන හරහාම TIN අංකය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව, TIN සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් පමණක් අදාළ සේවාවන් ලබාදීම ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

