FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගණේමුල්ලේ සංජීව ඝාතනයට වෙඩික්කරු මුලින් භික්ෂු වෙසින් එවන්න සැලසුම් කරලා.. නීතිඥ වෙසින් එවන්න සැලසුම වෙනස් කළේ බටුවත්තේ චාමරයි.. අධිකරණයේදී හෙළිවෙයි..

FM Heart · 1 min read

The Heart Academy
පාතාල නායක ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව සම්පූර්‍ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මනෝජ් සුරංග ලියනගේ හෙවත් 'බටුවත්තේ චාමර' විසින් බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (4) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණ කළේය. සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම තොරතුරු හෙළි කළේය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බටුවත්තේ චාමර' අසර්‍බයිජානයේ දී අත්අඩංගුවට පත්ව ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. එතැන් සිට රැඳවුම් නියෝග මත පසුවූ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය විය. ඒ අනුව රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, මුල් අවස්ථාවේදී ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා වෙඩික්කරු භික්ෂුවකගේ වේශයෙන් අධිකරණය වෙත එවීම සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් සැලසුම් කර තිබූ බවය. එහෙත් එම සැලසුම සම්පූර්‍ණයෙන්ම වෙනස් කර නීතිඥයෙකු ලෙසින් ඒවා ඇත්තේ මෙම සැකකරුගේ උපදෙස් මත විසින් බව විමර්‍ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ සැකකරු එළැඹෙන නොවැම්බර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
99mobile