FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

''අමෙරිකානු ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත'' - බරක් ඔබාමා

FM Heart · 2 min read

The Heart Academy
''අපගේ දැන් වගකීම වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි...අපට බලය ඇති ඕනෑම තැනක වෙනස්කම් සිදු කිරීම, තවදුරටත් හානි සිදු වීම වැළැක්වීම සහ අනාගතය සඳහා වන අඩිතාලම දැමීමයි....'' අමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකම ජයග්‍රහණය කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලයේ ඉතිරි කාලය සඳහා 'කොංග්‍රස් මණ්ඩලයේ බලය' ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්පත් කරගැනීමත් සමඟ, හිටපු ජනාධිපති බරක් ඔබාමා ඉහත අදහස් දැක්වීම සිදුකර තිබේ. ඒ, සිය නිල සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත සටහනක් එක්කරමින්. ඔබාමා සිය සටහන ආරම්භ කර ඇත්තේ, 'අමෙරිකානු ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත' යන්න අවධාරණය කරමිනි. මිචිගන් සහ ජෝර්‍ජියා වැනි දැඩි තරඟකාරී ප්‍රාන්තවල ඩිමොක්‍රටික් අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමඟ ඔබාමා ද මැතිවරණ ව්‍යාපාර සඳහා සහභාගී වී තිබුණි. හිටපු ජනාධිපතිවරයා තබන ලද සටහන පහත පරිදි වේ, ''අද රාත්‍රියේ, ඇමෙරිකානු ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාව බෙදන්නා වූ දේශපාලනයක් නොව, ඔවුන් එකතු කරන දේශපාලනයක් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා ඍජු විසඳුම් ලබා දෙන නායකයන්‍ය. කලක් ජයග්‍රහණය කිරීම අසීරු යැයි සැලකූ ප්‍රදේශවලින් පවා, විශිෂ්ට අපේක්ෂකයන් ඉදිරිපත් වීම නිසාවෙන් මෙම ප්‍රතිඵලය අත්කර ගැනීමට හැකි විය. ඔවුන් විවිධ පසුබිම්වලින් පැමිණි සහ විවිධ දේශපාලන මතවාද නියෝජනය කළ අය වූ නමුත්, මහජන සේවය පිළිබඳ විශ්වාසය සහ තම දිස්ත්‍රික්කවල සහ ප්‍රාන්තවල ජනතාවට මුල්තැන දීමේ කැපවීම මඟින් ඔවුන් එකමුතු වී සිටියහ. එමෙන්ම, සාර්‍ථක මැතිවරණයක් සහතික කිරීමට සහ අප ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍යම කාර්‍යභාරයක් ඉටු කිරීමට උදව් කළ, දෙපක්ෂයේම දහස් සංඛ්‍යාත මැතිවරණ නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට ද අපගේ කෘතඥතාව හිමිවේ. මෙම පරිපාලනයට තවත් වසර දෙකක ධුර කාලයක් ඉතිරිව ඇතත්, අපගේ දැන් වගකීම වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අපට බලය ඇති ඕනෑම තැනක වෙනස්කම් සිදු කිරීම, තවදුරටත් හානි සිදු වීම වැළැක්වීම සහ අනාගතය සඳහා වන අඩිතාලම දැමීමයි.''
99mobile