FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ වරායේ වැරදීමකින් ඩොලර් මිලියන 50ක් අහිමි වෙයි..

FM Heart · 2 min read

The Heart Academy
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ මහ ලේකම් ඉනාම් කැපූර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, වරාය පර්‍යන්ත ගාස්තු මෙන්ම නාවික ප්‍රවාහනයට අදාළ අනෙකුත් අතිරේක සේවා ගාස්තු විදේශීය පාර්‍ශ්වයන් වෙනුවෙන් මෙරටින් විදේශ මුදලින් ගෙවීමට සිදුවීම හේතුවෙන් ජාතික විදේශ විනිමය සංචිතයට අනවශ්‍ය බරපතළ පීඩනයක් එල්ල වන බවයි. මෙරට වරාය සීමාව තුළ සපයනු ලබන සියලු සේවාවන් සඳහා වන ගෙවීම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය නීතිරීතිවලට අනුකූලව දේශීය රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව සංගමයේ මූලික ස්ථාවරය වී තිබේ. පෙර පැවති රජය විසින් නැව් නියෝජිතයන්, භාණ්ඩ ප්‍රවාහන සංවිධායකයන් නැව් හිමිකාරිත්වයක් නොමැති පොදු ප්‍රවාහන ක්‍රියාකරුවන් සහ බහාලුම් මෙහෙයුම්කරුවන් වෙනුවෙන් නිකුත් කරන ලද අංක 2334/26 දරන ගැසට් නිවේදනය වහාම අහෝසි කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටියි. අදාළ රෙගුලාසි සඳහා අවශ්‍ය පාර්‍ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දෙන මහ ලේකම්වරයා, පවතින අර්‍බුදකාරී තත්ත්වය නිවැරදි කිරීම සඳහා සකස් කරන ලද සංශෝධිත කෙටුම්පත් ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට හෝ පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන නොමැති බවට චෝදනා කරයි. මීට පෙරද මෙම අසාධාරණ රෙගුලාසිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට පවා සංගමයට සිදුවූ බව හෙතෙම සිහිපත් කළේය. ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ සිදුවන මෙම අක්‍රමිකතාව හේතුවෙන් ව්‍යාපාරික පිරිවැය ඉහළ ගොස් රටේ විදේශ විනිමය අනිසි ලෙස පිටතට ගලා යාම වළක්වාලීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කර ඇති බවද ඉනාම් කැපූර් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් හිමිව නොමැති බවද ඔහු කියා සිටියේය.
99mobile