
රූපවාහිනී නාලිකාවකට කෝටි 10ක් දීම ගැන අල්ලස් පැමිණිල්ලක්
FM Heart · 1 min read
සංචාරක ප්‍රවර්‍ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්‍ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් ඊයේ (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

