FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඡන්ද පත්‍රිකාවේ මගේ නම තිබුණා නම් විශිෂ්ට ජයක් ලබනවා..- ට්‍රම්ප්

FM Heart · 2 min read

The Heart Academy
ඡන්ද පත්‍රිකාව තුළ සිය නම සටහන්ව තිබුණේ නම් රිපබ්ලිකන් පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්අත්පත් කරගන්නා බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් සිය පරාජය සාධාරණීකරණය කිරීමට උත්සාහ දරා ඇත. තම ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, "මගේ නම ඡන්ද පත්‍රිකාවේ තිබුණේ නැහැ. එසේ තිබුණා නම් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා නිසැකයි! මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි," යනුවෙනි. කෙසේවෙතත්, මැතිවරණ ප්‍රචාරක රැලියන්හිදී ට්‍රම්ප් සිය පාක්ෂිකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ඡන්ද පත්‍රිකාවේ තම නම ඇති බව සිතා රිපබ්ලිකන් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි. මීට අමතරව තවත් සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී තමන් ‘දේශපාලන විචාරකයෙකු’ බවට පත්වෙමින් රිපබ්ලිකන් අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමට සහ පරාජයට පත්වීමට බලපෑ හොඳ මෙන්ම නරක කරුණු පිළිබඳවද විග්‍රහයක් ඉදිරිපත් කරන බවයි. සිය අදහස් දැක්වීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, "VETO" යනුවෙන් සටහන් කළ සිය සුප්‍රකට MAGA හිස්වැස්මක ඡායාරූපයක්ද ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරි වසර දෙක තුළ කොංග්‍රස් මණ්ඩලය හරහා සම්මත වන නීති අවහිර කිරීම සඳහා තමන් සතු ජනාධිපති නිෂේධ බලය දැඩි ලෙස භාවිත කරන බවට ඔහු එමඟින් ඉඟි පළ කර ඇති බවයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතට පත්වීමත් සමඟ, ඉදිරියේදී ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය සැලසුම් බරපතළ බාධාවන්ට ලක්වන අතර, විධායක නියෝග සහ නිෂේධ බලතල මත පමණක් යැපීමට ඔහුට සිදුවනු ඇතැය. ධවල මන්දිර අභ්‍යන්තර තොරතුරු උපුටා දක්වමින් ෆොක්ස් නිව්ස් වාර්‍තා කර තිබුණේ, මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ධවල මන්දිරය කලබලයට පත්ව නොමැති බවයි. මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ පෞද්ගලික දුර්‍වලතා මෙම පරාජයට හේතු වූ බවත්, අපේක්ෂකයන්ට වඩා ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් කැපවී ප්‍රචාරක කටයුතු සිදුකළ බවත් ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. එමෙන්ම, කුමන ප්‍රතිඵලයක් ලැබුණද "අන්ත වාමාංශිකයන්ට" එරෙහිව ට්‍රම්ප් ගෙන යන සටන කිසිසේත් නතර නොවන බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ. CNN දත්ත පුරෝකථනයන්ට අනුව, අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමිකර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයේ අවසන් වසර දෙක තුළ ඔහුගේ පරිපාලනයට එරෙහිව පුළුල් කොංග්‍රස් පරීක්ෂණ සහ නිරීක්ෂණ දියත් කිරීමේ සුවිශේෂී බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට හිමිවේ. තවද, මෙම ජයග්‍රහණයත් සමඟ ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්‍රීස් අමෙරිකානු ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම කළුජාතික කථානායකවරයා බවට පත්වීමේ ඓතිහාසික අවස්ථාවද උදාවී තිබේ.
99mobile