
විදුලි ගාස්තුව ඉහළට?
FM Heart · 1 min read
2026 වසරේ අවසන් කාර්‍තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මූලික වශයෙන් යෝජනා කර තිබේ. ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුව, එම කාර්‍තුවේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් වන අතර, විදුලි අලෙවියෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154කි. ඒ අනුව, රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් පියවා ගැනීම සඳහා සියයට 2.88ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව එම ආයතනය යෝජනා කර තිබිණි.

