FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

🔥🔥 ඇමරිකාව ඉරානයට පහර දෙයි...

FM Heart · 1 min read

The Heart Academy
'වෝල් ස්ට්‍රීට් ජර්‍නල්' පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉරානයට එරෙහිව පූර්‍ණ පරිමාණයේ දැවැන්ත යුද මෙහෙයුමක් යළි ආරම්භ කරන බවට පූර්‍ව ඉඟි පළවීම වැළැක්වීම උදෙසා, වොෂින්ටනය විසින් පසුගිය සති කිහිපය පුරා අතිශය රහසිගතව සහ සීමිත මට්ටමින් දියත් කරන ලද විශේෂ මෙහෙයුම් මාලාවේ නවතම ප්‍රහාරය මෙය බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රකාශයක් නිකුත් කිරීම අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම ප්‍රහාරයට සමගාමීව අදහස් දක්වා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ප්‍රහාර දියත් කිරීම පිළිබඳව සැක පළකර ඇති අතර, ටෙහෙරාන් පාලනය සමඟ සාකච්ඡාමය එකඟතාවකට පැමිණීමේ ඉඩකඩක් පවතින බව ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු අතුරු මැතිවරණයෙන් අනතුරුව ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි.
99mobile