
අංකුර නායකයන් බල ගන්වන NETH – BOC You’re A Leader 51 වන කදවුර අද දෙවන දිනටත් ඇඹිලිපිටියේදී
FM Heart · 2 min read
නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH – BOC, You’re A Leader වැඩසටහනනේ දෙවන දිනය අදයි. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්යාලයේදීයී. NETH – BOC යූ ආර් අ ලීඩර් වැඩසටහනනේ අද දිනය සම්බන්ධයෙන් මෙම අදහස දැක්වීම නෙත් එෆ් එම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුනිල් ශාන්ත ද සිල්වා මහතාගෙන්. ”51 වන You’re A Leader නායකත්ව පුහුණු කඳවුර ඊයේ දිනයේ ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කරනු ලැබුවා . එය අද සහ හෙට දෙදින පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි . පාසල් දරුවන් 100 ක් ජාතික තලයට, ජාතික නායකත්වයට මුහු කරවන පුහුණු සැසිය තමයි මේ ක්‍රියාත්මක වන්නේ . විශේෂයෙන්ම ඊයේ සැන්දෑ භාගයේ වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගේ සංගීත ප්‍රසංගය පැවැත්වුණා . අනතුරුව අද පාන්දර සිට දරුවෝ ශාරීරික සුවතා වැඩසටහනට සම්බන්ධ වුණා . අද දිනයේදී විවිධ ක්‍රියාකාරකම් කණ්ඩායම් මට්ටමින් ඔවුන් කිරීමට සූදානමින් සිටිනවා . විශේෂයෙන්ම අපේ කණ්ඩායම ඒ සඳහා ඔවුන්ට පිටුවහලක් වීමට නියමිතයි . මේ සිදු කෙරෙමින් පවතින්නේ රටට අවශ්‍ය නායකත්වය දරුවන්ට ලබා දීලා අපේ රට විවිධ වෙනස් මානයකට ගෙන යාමේ ක්‍රියාවලියයි . විශේෂයෙන්ම You’re A Leader නායකත්ව පුහුණු කඳවුර කෙරෙන්නේ හෙටට අවශ්‍ය නායකයින් බිහි කිරීම, විශේෂයෙන්ම ඔබ තුළ සිටින නායකයා කවුද කියා හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාවන් ලබා දීමටයි . මෙ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව . ඉතින් ලංකා බැංකුවේ සාදර පූර්ණ අනුග්‍රහයෙන් තමයි මෙය ක්‍රියාත්මක වන්නේ . ඉතින් ඔවුන්ටත් මේ වෙලාවේ අප ස්තූතිවන්ත වෙනවා. ඉහළ කළමනාකාරීත්වයට අප සමග මේ අතවැල් බැඳගෙන මේ ක්‍රියාවලිය පාසල් මට්ටමින් කරගෙන යාමට එකඟ වීම පිළිබඳව .” නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH – BOC, You’re A Leader 51 වන වැඩසටහන හෙට දිනයේත් ක්‍රියාත්මකයි. .

