FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

Google සමාගම SpaceX වෙතින් පරිගණක කුලියට ගනී...

FM Heart · 2 min read

The Heart Academy
කෙසේ වෙතත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ඔහු කටයුතු කර නොමැත. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට රොයිටර්‍ස් පුවත් සේවය කළ ඉල්ලීම්වලට මස්ක්, ස්පේස්එක්ස් හෝ ගූගල් සමාගම් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා නොමැති බව ද එම වාර්‍තාවේ දැක්වේ. ස්පේස්එක්ස් සමාගම සිය දැවැන්ත මූලික කොටස් නිකුතුවට පෙර ගූගල් සමාගම සමඟ බහු-වාර්‍ෂික ක්ලවුඩ් සේවා ගිවිසුමකට දැනටමත් එළඹ තිබේ. පසුගිය ජුනි මාසයේදී නිවේදනය කෙරුණු එම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2029 ජුනි මාසය දක්වා ගූගල් සමාගම විසින් ස්පේස්එක්ස් වෙත මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 920 ක මුදලක් ගෙවීමට නියමිතය. එම පරිගණක ධාරිතාවට Nvidia සමාගමේ GPUs 110,000 ක් පමණ, CPUs, memory සහ ඊට අදාළ අනෙකුත් උපාංග ඇතුළත් වේ. Generative AI සේවාවන් හඳුන්වා දීමත් සමඟ පරිගණක යටිතල පහසුකම් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එන්වීඩියා සහ අනෙකුත් නිෂ්පාදකයින්ගේ දියුණු චිප් වර්‍ගවලින් සමන්විත දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට තාක්ෂණික සමාගම් පෙළඹී සිටී. පසුගිය මැයි මාසයේදී ගූගල් හි ප්‍රතිවාදියෙකු වන Anthropic සමාගම ද ස්පේස්එක්ස් හි පරිගණක සම්පත් ලබා ගැනීම සඳහා ගිවිසුමකට එළඹි බව ප්‍රකාශ කළේය. ඇන්ත්‍රොපික් සහ ගූගල් සමාගම් සමඟ ඇති කරගත් පරිගණක ධාරිතා ගිවිසුම්වල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 70 ඉක්මවන බව ස්පේස්එක්ස් සමාගම ජුනි මාසයේදී නියාමන ආයතන වෙත ඉදිරිපත් කළ වාර්‍තාවකින් අනාවරණය කර තිබිණි. මේ අතර, ස්පේස්එක්ස් සමාගම සිය දැනට පවතින මෙම්ෆිස් ප්‍රදේශයේ මධ්‍යස්ථානයෙන් ඔබ්බට ගොස් පරිගණක ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් සිටී. ටෙක්සාස් ප්‍රාන්තයේ රියෝ ග්‍රෑන්ඩ් නිම්නයේ පිහිටි Starbase හි නව සුපිරි පරිගණක මධ්‍යස්ථානයක් සහ ඇරිසෝනා ප්‍රාන්තයේ කොචීස් ප්‍රාන්තයේ දෙවන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 74 කට අධික මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම මේ මාසයේදී ප්‍රකාශ කළේය.
99mobile