
1983 කළු ජූලිය ගැන සොයන්න ආණ්ඩුව සුදානම්... සාමාජිකයන් 11ක් පත් කරයි!
FM Heart · 1 min read
983 කළු ජූලි ඛේදනීය සිදුවීම සහ ඉන් ඇති වූ බලපෑම් පිළිබඳව පූර්‍ණ අධ්‍යයනයක් සිදුකර වාර්‍තා කිරීම සඳහා පාර්‍ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්‍රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වේ. නොවැම්බර් 28 වැනිදා පාර්‍ලිමේන්තුවට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම කාරක සභාව පත්කිරීමේ ප්‍රධාන අරමුණු පැහැදිලි කළේය. කථානායකවරයා සඳහන් කළ පරිදි මෙම විශේෂ කාරක සභාව වෙත පැවරී ඇති ප්‍රධාන කාර්‍යභාරයන් වන්නේ: 1- පූර්‍ණ අධ්‍යයනයක් සිදුකිරීම: 1983 කළු ජූලි සිදුවීම සහ එමගින් ඇති වූ සමස්ත බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ වාර්‍තාවක් සකස් කිරීම. 2- රට තුළ ජාතික සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්‍ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම. 3- එම සිදුවීමෙන් පීඩාවට පත් වූ පිරිස් වෙත සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා සහ නිර්‍දේශ පාර්‍ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

