FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යාල බැඹව උද්දකන්දර රක්ෂිතයේ ජීවී අජීවී වන සත්ව කොටස් එකතු කළ ජර්‍මානුවන් දෙදෙනාට 16992000ක් දඩ

FM Heart · 1 min read

The Heart Academy
දඩය ගෙවන තෙක් රටින් පිටවීම තහනම් වනසත්ව හා වෘක්ෂලතා අඥා පනත් උල්ලංඝනය කරමින් යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති බැඹව උද්දකන්දර වන රක්ෂිත කලාපයේදී ජීවී වනසතුන් හා අජීවී වන සත්ව කොටස් එකතු කිරීමේ සහ සන්තකයේ තබාගෙන සිටි ජර්‍මන් ජාතික විදේශීකයන් දෙදෙනෙකු සහ සංචාරක මග පෙන්වන්නෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් එක්කෝටි හැටනම ලක්ෂ අනූ දෙදාහසක (16992000/=) දඩ මුදලක් ගෙවීමට තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු එන්.එච්. නිලන්ති කුරේ මහත්මිය නියම කළාය. නැවැත නඩු විභාගය ලබන 13 දින පැවැත්වෙන බැවින් එදිනට එම දඩ මුදල සම්පූර්‍ණම ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත. නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගත් ජීවී වන සතුන් දෙහිවල සත්ව උද්‍යානයට භාර දෙන ලෙසටද නියම කළ අධිකරණය සෙසු සත්ව කොටස් රාජසන්තක කර ඇත. අධිකරණය නියම කරන ලද එම දඩ මුල් ගෙවන තෙක් නඩු විභාගය අවසන් නොකළ අතර, විත්තිකරුවන් වූ විදේශ ජාතිකයන් දෙදෙනාට රුපියල් ලක්ෂ හැටක හා සංචාරක මග පෙන්වන්නාට රුපියල් ලක්ෂ පනහක ශරීර ඇපමත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විත්තිකාර විදේශීය ජාතිකයන් දෙදෙනාට විදේශ ගමන් තහනමක්ද පැනවූවාය. දෙබරවැව – ඒ.ඒ. පේමසිරි
99mobile