FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිද්ධි 14 කින් මරණ 16 ක්

FM Heart · 4 min read

The Heart Academy
ව්‍යාපාරිකයෙක් කොළඹ සුපිරි හෝටලයක ඉහළ මහලයෙන් වැටිලා විශේෂඥ වෛද්‍යවරයෙක් මින්නේරියේදී මරුට වරකාපොළ තව 3 ක්: දෙනියායේදී 4 ක් දිවයිනේ ගතවූ දින 2 තුළ සිදුවූ මාරක රිය අනතුරු, දියේ ගිලීම් ඇතුළු තවත් අනතුරු 14 කින් ධනවත් ව්‍යාපාරිකයකු, විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු පුද්ගලයන් 16 දෙනකු ජිවිතක්ෂයට පත්වී 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම සිද්ධීන් කොම්පඤ්ඤවීදිය, මින්නේරිය, වරකාපොල, දෙනියාය, හොරණ, පෙරියනිලාවනි, කුඩාඔය, දුම්මලසූරිය, මැදවච්චිය, සූරියවැව, තණමල්විල යන පොලිස් වසම්වලදී සිදුවී තිබේ. කොම්පඤ්ඤවීදිය සුපිරි හෝටලයක 26 වැනි මහලෙන් වැටී ධනවත් ව්‍යාපාරිකයකු මරුමුවට පත්වී ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවාස සංකීර්‍ණයක පදිංචිව සිටි 60 හැවිරිදි විජේගුණවර්‍ධන නමැති ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරිකයා පෙරේදා එම සුපිරි හෝටලයේ කාමරයක නවාතැන්ගෙන සිට ඇති බව හෙළිවිණැයි පොලිසිය කියයි. මියගිය ව්‍යාපාරිකයා මුදල් ණය ප්‍රශ්න දරාගත නොහැකිව හෝටලයේ උඩු මහලින් පැන දිවි නසාගත්තේ ද? එසේත් නොමැති නම් එම උඩු මහලින් ඇදවැටී මියගියේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරයි. පොලොන්නරුව – හබරණ මාර්‍ගයේ 39 කණුව ප්‍රදේශයේ දී විශේෂඥ වෛද්‍යවරයකු ගමන්ගත් මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එම විශේෂඥ ශල්‍ය වෛiවරයා ජීවිතක්ෂයට පත්වී ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 6 වැනිදා සවස සිදුවූ මෙම මාරක රිය අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛiවරයකු වූ රෝහණ ගමගේ නමැති වෛද්‍යවරයෙකි. වෛiවරයා සිය රථයෙන් මින්නේරිය දෙස සිට හබරණ දෙසට ගමන් කරමින් සිට ඇති අතර, අනතුරට සම්බන්ධ වැලි ප්‍රවාහන ටිපර් රථය හබරණ දෙස සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් තිබී ඇත. ටිපර් රථයේ රියදුරු ද තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. වරකාපොල මාහේන ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් පෙරේදා (07 දා)සවස මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වරකාපොල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගලහ හා තුන්තාලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. එම අනතුරින් ඒ. අරවින්ද (49), රාජේන්ද්‍රන් (31), මනෝහාරි වත්සලා (19) යන අය මියගොස් ඇත. ඔවුන් දීපවාලි උත්සවය හේතුවෙන් සේවා ස්ථානවලින් නිවාඩු ලබා වෑන් රථයකින් යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත. දෙනියාය බෙවරලිය ප්‍රදේශයේ ඇළක දිය නෑමට ගිය තරුණයන් පිරිසකගෙන් සිව්දෙනකු පෙරේදා (07 දා) සවස දියේ ගිලී මරුමුවට පත්වී ඇති අතර තවත් දෙදෙනකු බේරාගෙන රෝහල්ගත කර ඇතැයි දෙනියාය පොලිසිය පවසයි. මියගිය තරුණයෝ කළුබෝවිල, කටුනායක, ගාල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 – 30 යන වයස්වල පසුවන අය වෙති. හොරණ දික්හේන හන්දිය, එළවැල්ල මාර්‍ගයේ දික්හේනපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්‍ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරුව කොන්ක්‍රීට් කණුවක ද ගැටී සිදුවූ අනතුරකින් හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයකු මියගොස් තිබේ. මේ අතර කල්මුණේ – මඩකලපුව මාර්‍ගයේ 392 වැනි කිලෝමීටර් කණුව අසලදී යතුරුපැදියක් මාර්‍ගය හරහා ගමන් කළ පදිකයකුගේ ඇෙඟ් ගැටී සිදුවූ අනතුරකින් පදිකයා කල්මුණේ උතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුරින් මියගොස් ඇත්තේ පෙරියනිලාවනි පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරින් තුවාල ලබා යතුරුපැදිකරු ද රෝහල්ගත කර තිබේ. මේ අතර, තණමල්විල – වැල්ලවාය මාර්‍ගයේ තෙළුල්ල ප්‍රදේශයේ දී පෙරේදා යතුරුපැදියක් මාර්‍ගයේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි විදේශිකයන් රැුගත් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් 64 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම, මාදම්පේ – කුලියාපිටිය මාර්‍ගයේ කහදෙනියගම හන්දිය අසලදී යතුරුපැදියක්, අතුරු මාර්‍ගයක සිට ප්‍රධාන මාර්‍ගයට පිවිසි මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරුමුවට පත්වී ඇතැයි දුම්මලසූරිය පොලිසිය පවසයි. මෝටර් රථයේ රියැදුරු ද තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ දුනුකදෙනිය, වැලිපැන්නගහමුල්ල පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි. මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුර අසලදී 6 වැනිදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මරුමුවට පත්වී තවත් සිව්දෙනකු තුවාල ලබා තිබේ. තුවාල කරුවන් මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර හම්බන්තොට ධීවර වරාය ආසන්න මුහුදේදී ඔරුවක් පෙරළීමෙන් 17 හැවිරිදි තරුණයකු දියේ ගිලී මියගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ තවත් තරුණයන් දෙදෙනකු සිට ඇති අතර ඔවුන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත. මේ අතර හම්බන්තොට වෙරළ උද්‍යානයේ පෙරේදා (07 දා* රාත්‍රි පැවැති සංගීත ප්‍රසංගයක් අවසානයේ එය නරඹා විනෝදවී ඊයේ (08 දා* අලූයම මුහුදේ ඔරු පැදීමට ගිය මිතුරන් තිදෙනකු දියේ ගිලී ඇති අතර, ඉන් එක් අයකු මරුමුවට පත්වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මෛත්‍රීගම පදිංචිව සිටි සහස් නමැති 17 හැවිරිදි තරුණයෙකි. මුහුදේ රළු බව හේතුවෙන් ඇතිවූ හදිසි අනතුරකින් ඔරුව මුහුදේදී පෙරළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, දිනසේන රතුගමගේ, සමන් උපුල් පිනිදිය, නුවන් ජයසේකර, සඳුන් පුෂ්පකුමාර – සූරියවැව
99mobile