FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉන්දියාවේ තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක්.. පිපිරීමකින් පසු විශාල ගින්නක්.. (Video)

FM Heart · 2 min read

The Heart Academy
ඉන්දියාවේ විශාකාපට්නම් නගරයේ පිහිටි හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් සමාගමට අයත් තෙල් පිරිපහදු පරිශ්‍රයක හදිසි පිපිරීමක් සමඟ දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්‍තා කරයි. පිරිපහදුවේ ගබඩා ටැංකියක මෙම ගින්න හටගෙන ඇති අතර, ඒ සමඟ අහස උසට නැඟුණු දැවැන්ත ගිනිදැල් සහ ඝන කළු දුමාරය හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව තිබේ. සිද්ධිය වාර්‍තා වූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ගිනි නිවන භටයින් සහ HPCL පිරිපහදුවේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත. ඔවුන්ගේ කඩිනම් මැදිහත්වීම මත ගින්න අදාළ ගබඩා ටැංකි පරිශ්‍රයට පමණක් සීමා කරමින් පාලනය කර ගැනීමට හැකි වූ බැවින්, පිරිපහදුවේ අනෙකුත් තීරණාත්මක ඒකක වෙත ගින්න පැතිර යාම සම්පූර්‍ණයෙන්ම වළක්වා ගැනීමට හැකි විය. මෙම හදිසි අනතුරින් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්‍තා වී නොමැති බව බලධාරීහු තහවුරු කරති. අනතුරෙන් පසුවද පිරිපහදුවේ සෙසු මෙහෙයුම් ඒකක සියල්ල සුරක්ෂිතව සහ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව හින්දුස්ථාන් පෙට්‍රෝලියම් සමාගම ප්‍රකාශ කර තිබේ. ගින්න හටගැනීමට මොහොතකට පෙර එම පරිශ්‍රය තුළ සුළු පිපිරීමක් සිදුව ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇතැයි නිලධාරීහු පවසති. සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ පරිශ්‍රයේ කාර්‍මික ආරක්ෂණ ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක වී ඇත්දැයි සොයා බැලීම ඇතුළුව පුළුල් පරීක්ෂණයක් බලධාරීන් විසින් ආරම්භ කර ඇත.
99mobile