
මාලිමා සභාපතිගේ නිල කාර්යාලයේ මේස ලාච්චුවෙන් රුපියල් ලක්ෂ 30 ක් අතුරුදන්..
FM Heart · 2 min read
පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගල්හේනේ කන්දගේ දොන් සනත් ජීවානන්ද මහතා විසින් බදුරලිය පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකය. සභාපතිවරයා පොලීසියට පවසා ඇත්තේ, පසුගිය සැප්තැම්බර් මස 15 වනදා ප්‍රාදේශීය සභාවේ උප සභාපතිනි කුමාරි මුණසිංහ මහත්මිය විසින් වාහනයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් සඳහා රැගෙන එන ලද ඇයගේ පෞද්ගලික මුදලක් වන රුපියල් ලක්ෂ 30 ක මුදල තමා වෙත භාරදුන් බවයි. එම මුදල් තොගය සිය නිල කාමරයේ මේස ලාච්චුවේ බහා යතුරු දමා තිබූ බවත්, දිනපතා ලාච්චුව විවෘත කර මුදල් සුරක්ෂිතව ඇත්දැයි තමා විසින්ම පරීක්ෂා කර බැලූ බවත් සභාපතිවරයා සඳහන් කර ඇත. ඉකුත් ඔක්තෝබර් මස 07 වැනිදා දහවල් 11.00 ට පමණ සභාපතිවරයා සිය නිල මුද්‍රාව රැගෙන ඒම සඳහා එම මේස ලාච්චුවේ යතුර කාර්යාල සහයිකාව වෙත ලබා දී තිබේ. ඇය මුද්‍රාව රැගෙනවිත් යතුර නැවත සභාපතිවරයා වෙත භාරදී ඇති අතර, එදිනම දහවල් 1.15 ට පමණ සභාපතිවරයා විසින් ලාච්චුව පරීක්ෂා කර බැලීමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක මුදල අතුරුදන්ව තිබූ බව හෙළිව ඇත. මුදල් අතුරුදන් වූ වහාම ඒ පිළිබඳව පොලිසියට නොදන්වා, අදාළ මුදල සොයා ගැනීම සඳහා තමන් පෞද්ගලිකවම උත්සාහ දැරීම හේතුවෙන් පැමිණිලි කිරීමට මෙලෙස ප්‍රමාද වූ බව සභාපතිවරයා පොලිසියට කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. බදුරලිය පොලිස් ස්ථානාධිපති යටතේ මේ වන විට ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවක මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන සිදුකෙරේ. රාජ්‍ය හෝ පළාත් පාලන ආයතනයක නිල කාමරයක් තුළ මෙවැනි විශාල පෞද්ගලික මුදල් ප්‍රමාණයක් සති ගණනාවක් තිස්සේ රඳවා තබා ගැනීම රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසි අනුව ප්රශ්නකාරී තත්ත්වයක.

