FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොට්ඨාශ 74ක විශේෂ ඩෙංගු මර්‍දන සතියක්

FM Heart · 1 min read

The Heart Academy
දිවයින පුරා පවතින කාලගුණික වෙනස්වීම්, ඩෙංගු කීට විද්‍යා දර්‍ශක සහ පසුගිය සමයේ ඩෙංගු රෝගීන් වාර්‍තාවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, හඳුනාගත් අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්‍දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. නොවැම්බර් 09 වන දින සිට 14 වන දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්‍දන සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන නොවැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය නොවැම්බර් 09 සිට 14 දක්වා මෙලෙස කල් දැමීමට තීරණය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
99mobile