
ටින් පෝලිමට රජයෙන් උත්තරයක්..
FM Heart · 1 min read
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවාවන් සඳහා ටින් අංකය අනිවාර්‍ය කර තිබුණද, පවතින ප්‍රායෝගික අපහසුතා මත ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මෙම තාවකාලික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව, ටින් අංකය සකස් කර ගැනීමට නොහැකි වූ පුද්ගලයන්ගෙන් අදාළ ආයතන මඟින් අවශ්‍ය මූලික තොරතුරු සටහන් කරගෙන අදාළ සේවාවන් අඛණ්ඩව සැපයීමට පියවර ගැනෙනු ඇත.

