
ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප
FM Heart · 1 min read
ඉන්දීය ‘ක්‍රිෂ්’ සමාගම සමඟ සිදුකළ බව කියන රුපියල් මිලියන 70ක මූල්‍ය ගනුදෙනුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය. ඒ අනුව, සැකකාර පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය. එම තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද අධිකරණය නියෝග කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහුට එරෙහිව ඇති වෙනත් නඩු කිහිපයකට අදාළව ඔහු තව දුරටක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

