FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රට පුරා දීර්‍ඝ TIN පෝලිම්.. වැඩි පිරිස වාහන ලයිෂන් කරන්නයි..

FM Heart · 2 min read

The Heart Academy
නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්‍ය කර තිබීම හේතුවෙන් විශාල පිරිසක් එකවර මෙම අංකය කඩිනමින් ලබාගැනීමට පැමිණීම මෙලෙස පෝලිම් නිර්‍මාණය වීමට ප්‍රධාන හේතුව වී තිබේ. එලෙස පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාව මැසිවිලි නඟන්නේ, දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂ හේතුවෙන් අද දිනයේ බොහෝ කාර්‍යාලවලින් ටින් අංක නිකුත් කිරීම අත්හිටුවා තිබූ බවයි. මේ අතර, කාර්‍යාල වෙත නොපැමිණ දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්‍ගගත ක්‍රමයට අදාළ අංකය ලබාගැනීමට උත්සාහ කළද, එකවර විශාල පරිශීලකයන් පිරිසක් පද්ධතියට ප්‍රවේශ වීම හේතුවෙන් එම මාර්‍ගගත සේවා පද්ධතිය ද සම්පූර්‍ණයෙන්ම බිඳවැටී ක්‍රියාවිරහිත වී ඇති බවට ජනතාව දැඩි චෝදනා නඟති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන වැඩසටහන යටතේ මෙරට බදු දැල පුළුල් කිරීම සහ රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින්, වයස අවුරුදු 18 සම්පූර්‍ණ වූ සියලුම පුරවැසියන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ලබාගැනීම රජය විසින් අනිවාර්‍ය කරනු ලැබීය. ඉන් අනතුරුව, මෝටර් රථ ලියාපදිංචිය, වාර්‍ෂික ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් හා දේපළ පැවරීම, බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම ඇතුළු මූලික මහජන සේවාවන් රැසක් සඳහා මෙම ටින් අංකය අනිවාර්‍ය ලේඛනයක් බවට පත් කරමින් මුදල් අමාත්‍යාංශය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
99mobile