FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

FM Heart · 5 min read

The Heart Academy
චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල් 116කට අධික සංඛ්‍යාවක්. දහසකට අධික සෘජු රැකියා අවස්ථා. මේ සියල්ල පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද? November 26 (Citizen News) - කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් ආදරයෙන් වැළඳගත් බින්චුන් (Bing Chun) සන්නාමය අද වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඇතැමුන්ට එය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවකි. තවත් පිරිසකට එය ව්‍යාපාරික තරගකාරීත්වය පිළිබඳ කතාවකි. එහෙත් මේ සියල්ල අතර අප අපෙන්ම විමසිය යුතු ප්‍රශ්නයක් තිබේ. අප විවේචනය කරන්නේ සැබෑ තත්ත්වය දැනගෙන ද? නැතහොත් අන් අයගේ විවේචන දැකීමෙන් පමණක් ද? චෝදනා 7ක් චෝදනා 28ක් වූ සැබෑ කතාව! පසුගිය නොවැම්බර් 13 වැනිදා කොම්පඤ්ඤවීදියේ බින්චුන් අලෙවිසැලට අදාළව චෝදනා 28කට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 84,000ක දඩයක් නියම කෙරිණි. එහෙත් සැබැවින්ම මෙම චෝදනා 28 ගොඩනැඟුණේ කෙසේද? බින්චුන් ආයතනයේ පැහැදිලි කිරීමට සහ පසුව පළ වූ මාධ්‍ය වාර්‍තාවලට අනුව, මෙම නඩුවට පදනම් වී ඇත්තේ වැනිලා සහ චොක්ලට් යන නිෂ්පාදන දෙකෙහි මේද හා ඝන ද්‍රව්‍ය අන්තර්‍ගතය, අයිස්ක්‍රීම් ලෙස අලෙවි කිරීමට අවශ්‍ය මෙරට නියමිත ප්‍රමිතීන් සපුරා නොතිබීමයි. එම වාර්‍තාවල දැක්වෙන චෝදනා ගොනු කිරීමේ ආකාරය ඉතා සරලව පැහැදිලි කළහොත්, බින්චුන් ප්‍රධාන සමාගමට · වැනිලා නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා 7ක්. · චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා 7ක්. කොම්පඤ්ඤවීදියේ අලෙවි නියෝජිත සමාගමට · වැනිලා නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා 7ක්. · චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධයෙන් චෝදනා 7ක්. චෝදනා 7 × නිෂ්පාදන 2 × සමාගම් 2 = චෝදනා 28යි. ඒ අනුව, මාධ්‍ය ඔස්සේ විශාල කතාබහකට ලක් වූ චෝදනා 28 යනු එකිනෙකට වෙනස් සෞඛ්‍ය අවදානම් 28ක් ලෙස අර්‍ථකථනය කළ යුතු කරුණක් නොවේ. එය නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් සමාගම් දෙකකට වෙන වෙනම ගොනු කරන ලද චෝදනාවල එකතුවක් බව අදාළ වාර්‍තා පෙන්වා දෙයි. මෙම පැහැදිලි කිරීම නීතිමය වරද සාධාරණීකරණය කිරීමක් නොවේ. එහෙත් සිදුවීමේ සැබෑ ස්වභාවය නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා එය වැදගත් වේ. ප්‍රමිතියට අනුකූල නොවීම සහ සෞඛ්‍යයට අහිතකර වීම එකම දෙයක් ද? මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් වෙනසක් තිබේ. යම් නිෂ්පාදනයක් නිශ්චිත ආහාර වර්‍ගීකරණයකට අදාළ සංයුතිමය ප්‍රමිතීන් සපුරා නොතිබීම සහ එම නිෂ්පාදනය මිනිස් සෞඛ්‍යයට අහිතකර බව විද්‍යාත්මකව තහවුරු වීම එකම කරුණක් නොවේ. බින්චුන් ආයතනය පවසන්නේ අදාළ රසායනාගාර වාර්‍තාවලින් සිය නිෂ්පාදන සෞඛ්‍යයට අහිතකර බව නිශ්චිතව තහවුරු කර නොමැති බවයි. එහෙත් එය නිෂ්පාදනයේ සමස්ත ආරක්ෂිතභාවය පිළිබඳ අවසන් සහතිකයක් ද නොවේ. ඒ සඳහා වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සහ අදාළ නියාමන තහවුරු කිරීම් අවශ්‍ය වේ. ලොව පුරා ජනප්‍රිය Soft Serve අතුරුපසවල සංයුතිය නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් විය හැකිය. ඒවා අලෙවි කිරීමේදී අදාළ නීතිමය වර්‍ගීකරණය, නිවැරදි නාමකරණය සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිපැදීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. වැරැද්දක් සිදුවී ඇත්නම් එය නිවැරදි කළ යුතුය. එමෙන්ම විද්‍යාත්මකව තහවුරු නොකළ තොරතුරු මත පාරිභෝගිකයා අනවශ්‍ය ලෙස බිය ගැන්වීමෙන් ද වැළකිය යුතුය. බින්චුන් පමණක් නොව සන්නාම 21ක්! දශක හතරකට පෙර සකස් කළ ප්‍රමිතීන් අදටත් ප්‍රමාණවත් ද? පසුව පළ වූ මාධ්‍ය වාර්‍තා අනුව, බින්චුන් ඇතුළු මෙරට අයිස්ක්‍රීම් සන්නාම 21කට අදාළ නිෂ්පාදන සාම්පල නියමිත ප්‍රමිතීන් සපුරා නොමැති බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය තුළ අප විමසා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. ශ්‍රී ලංකාවේ ආහාර නියාමනයේ මූලික පදනම වන 1980 අංක 26 දරන ආහාර පනත හඳුන්වා දී මේ වන විට වසර 46කි. අයිස්ක්‍රීම් සම්බන්ධ ප්‍රමිති ඇතුළත් 1989 ආහාර ප්‍රමිති නියෝග හඳුන්වා දී ද වසර 37කි. එදා සිට අද දක්වා ලෝකයේ ආහාර නිෂ්පාදන තාක්ෂණය, අමුද්‍රව්‍ය, පාරිභෝගික රුචිකත්වය සහ ආහාර සංස්කෘතිය විශාල පරිවර්‍තනයකට ලක්ව තිබේ. Soft Serve, Frozen Desserts, Gelato, අඩු මේද සහිත අතුරුපස සහ ශාකමය අමුද්‍රව්‍ය පදනම් කරගත් නිෂ්පාදන වැනි විවිධ ආහාර සංකල්ප අද ජාත්‍යන්තර වෙළෙඳපොළේ ජනප්‍රිය වී තිබේ. එවැනි පසුබිමක, දශක ගණනාවකට පෙර හඳුන්වා දුන් ආහාර වර්‍ගීකරණ හා සංයුතිමය ප්‍රමිති සහ ඒවාට පසුව සිදු කළ සංශෝධන, වර්‍තමාන ගෝලීය ආහාර කර්‍මාන්තයේ විවිධත්වයට කෙතරම් ගැළපේද යන්න විද්‍යාත්මකව නැවත විමසා බැලීම කාලෝචිත අවශ්‍යතාවකි. සන්නාම 21ක් සම්බන්ධයෙන් ප්‍රමිති ගැටලු වාර්‍තා වීමත් සමඟ එම සංවාදයේ අවශ්‍යතාව තවදුරටත් ඉස්මතු වේ. මෙයින් අදහස් වන්නේ පවතින නීති නොසලකා හැරිය යුතු බව නොවේ. රටේ පවතින නීති හා නියාමන ප්‍රමිතීන්ට ගරු කිරීම සහ ඒවාට අනුකූලව කටයුතු කිරීම බින්චුන් ඇතුළු සෑම ව්‍යාපාරයකම අනිවාර්‍ය වගකීමකි. එහෙත් නීතියට ගරු කිරීම සහ කාලීන අවශ්‍යතා අනුව එය යාවත්කාලීන කිරීම පිළිබඳ සාධනීය සංවාදයක් ඇති කිරීම එකිනෙකට පරස්පර කරුණු නොවේ. අවශ්‍ය වන්නේ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් ලිහිල් කිරීමක් නොව, පාරිභෝගිකයාගේ සෞඛ්‍යය ආරක්ෂා කරමින් නව නිෂ්පාදන, නව තාක්ෂණය සහ නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩ සලසන නවීන නියාමන රාමුවකි. ලෝකය වෙනස් වන විට කර්‍මාන්ත ද වෙනස් වේ. කර්‍මාන්ත වෙනස් වන විට ඒවා නියාමනය කරන ක්‍රමවේද ද කාලානුරූපව විකාශනය විය යුතුය. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සංස්කෘතිය: සත්‍යය සොයනවාට වඩා විවේචනය කිරීම පහසු ද? ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය තුළ ඇතැම් අවස්ථාවල දක්නට ලැබෙන ප්‍රවණතාවක් වන්නේ යම් පුද්ගලයකු, ආයතනයක් හෝ සන්නාමයක් විවේචනයට ලක්වන විට, එහි සැබෑ පසුබිම පිළිබඳ සොයා බැලීමකින් තොරව එම විවේචනයට තවත් පිරිස් එක්වීමයි. කෙනෙකු පළ කරන අදහසක් තවත් සිය දෙනකු බෙදාහරින විට, එය සත්‍යයක් බවට පත් වූවාක් මෙන් හැඟීමක් ඇති විය හැකිය. එහෙත් යම් තොරතුරක් දහස් වාරයක් බෙදාහැරීමෙන් පමණක් එය සත්‍යයක් වන්නේ නැත. බින්චුන් සිදුවීමේදී ද මුල් ප්‍රමිති ගැටලුව පිළිබඳ කතාබහෙන් ඔබ්බට ගොස්, විවිධ රසායනික ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ පිළිකාකාරක පිළිබඳ තහවුරු නොකළ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි. මෙහිදී අප අපෙන්ම ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය. · අප බෙදාහරින පුවතේ මුල්
99mobile