FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

Honda සහ Toyota වාහන යළි කැඳවීම ශ්‍රී ලංකාවේ වාහනවලටත් බලපායිද?

FM Heart · 2 min read

The Heart Academy
Takata වායු බෑග් දෝෂයක් හේතුවෙන් වාහන මිලියන 1.6ක් පමණ යළි කැඳවයි. Takata වර්‍ගයේ වායු බෑග් පද්ධතිවල ඇති විය හැකි දෝෂයක් හේතුවෙන් Honda සහ Toyota මෝටර් රථ නිෂ්පාදන සමාගම් වාහන මිලියන 1.6කට ආසන්න ප්‍රමාණයක් යළි කැඳවීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්‍තා කරන පරිදි, Honda සමාගම ඇමෙරිකාවේ වාහන 810,592ක් ද Toyota සමාගම ලොව පුරා වාහන 790,000ක් පමණ ද මෙලෙස යළි කැඳවීමට තීරණය කර ඇත. වායු බෑග් පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ එහි ඉන්ෆ්ලේටරය පුපුරා යාමේ අවදානමක් පවතින බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වීම මෙම තීරණයට හේතුව වී තිබේ. අධික උෂ්ණත්වය සහ ආර්‍ද්‍රතාව හේතුවෙන් කාලයත් සමඟ වායු බෑග් පද්ධතියේ අභ්‍යන්තර කොටස් දුර්‍වල විය හැකි බව ඇමෙරිකානු ජාතික මහාමාර්‍ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පෙන්වා දෙයි. Toyota සමාගම යළි කැඳවන වාහන මාදිලි සහ නිෂ්පාදන වර්‍ෂ Lexus SC430 – 2002 සිට 2010 දක්වා Lexus IS250 – 2011 Lexus GX460 – 2017 Toyota Corolla – 2003 සිට 2008 දක්වා Toyota Tundra – 2005 සිට 2006 දක්වා Toyota Sequoia – 2005 සිට 2007 දක්වා Toyota 4Runner – 2016 සිට 2017 දක්වා Honda සමාගම යළි කැඳවන වාහන මාදිලි සහ නිෂ්පාදන වර්‍ෂ Honda Accord – 2013 Honda Civic – 2012 සිට 2013 දක්වා Honda CR-V – 2012 සිට 2013 දක්වා Acura ILX – 2013 Acura RDX – 2013 කෙසේ වෙතත්, මෙම නව යළි කැඳවීම්වලට අදාළ වාහනවලින් වායු බෑග් ඉන්ෆ්ලේටර් පිපිරීම්, අනතුරු හෝ තුවාල සිදුවීම් මෙතෙක් වාර්‍තා වී නොමැති බව සමාගම් සඳහන් කර තිබේ. අදාළ වාහනවල දෝෂ සහිත කොටස් බලයලත් සේවා මධ්‍යස්ථාන හරහා නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීමට ද සමාගම් පියවර ගෙන ඇත. මෙම මාදිලිවල සියලුම වාහන නොව නිශ්චිත නිෂ්පාදන කාණ්ඩවලට අයත් වාහන පමණක් යළි කැඳවීමට ඇතුළත් වේ. Honda යළි කැඳවීම ඇමෙරිකාවේ නිශ්චිත ප්‍රදේශවල අලෙවි කළ හෝ ලියාපදිංචි කළ වාහනවලට සීමා වේ.
99mobile