
රාජ්‍ය ආදායමෙන් 1/3ක් වැටුප් ගෙවන්න යනවා.. තව වැඩි කරන්න කීම හරිම වැරදියි..
FM Heart · 2 min read
නාවලපිටිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුන මෙම මාර්ග තුන වන අතර, දීර්ඝ කාලයක් පුරා මෙම මාර්ග මාර්ගවල කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවිය. ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෙන්කළ ප්‍රතිපාදන වලින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදුවේ. මෙහිදි අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, “රාජ්‍ය සේවකයන් අරඹා ඇති වර්ජන රැල්ල පිළිබඳ නිවැරදි ලෙස කියවා ගත යුතු බවත්, 2027 වර්ෂයේ සඳහා රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 6230 ක ප්‍රමාණයක් වන වන අතර, 2027 වසර සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1400 ක් පමණ දළ වශයෙන් වියදම් කිරීමට සිද්ධ වෙනවා. විශ්‍රාම වැටුප් වෙනුවෙන් තවත් බිලියන 400ක්, දළ වශයෙන් ගත්තහම රාජ්‍ය ආදායමෙන් 1/3 ක් වියදම් කරන්න වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන්. තවත් 1/3 ක් මේ වගේ භෞතික සංවර්ධනය වෙනුවෙන් වියදම් කරනවා. අපි ඉතිහාසයේ වැඩිම ආදායම් වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම වැටුප් වර්ධනයත් ලබා දීලා තියෙනවා එහෙම තියෙද්දි රාජ්‍ය සේවකයෝ වැටුප් වර්ධනයක් ඉල්ලන එක සාධාරණයිද කියලා හිතල බලන්න ඕන වර්ජන නිසා සංවර්ධනයට වෙන්කරන තුනෙන් එක වියදම් කරගන්නට නොහැකි වෙනවා ඒ සඳහා රාජ්‍ය සේවකයන් වගකියන්න ඕන. මේ සංවර්ධනය බිමට ගිහිල්ලා ආයෝජන ඇති උනොත් තමා රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නේ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනය වැඩි වූ වහාම වැටුප් වර්ධනය කිරීමේ හැකියාවක් ඇතිවන බව සරල කාරණයක් ලෙස තේරුම් ගත යුතු බවයි.”. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර තුෂාරි ජයසිංහ, පස් බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාපති මංජුල කරුණාරත්න, ගගඉහළ කෝරළේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

