
රක්ෂිත බන්ධනාගාරගතව සිටින බලංගොඩ කස්සප හිමි අධිකරණයට රැගෙන එයි
FM Heart · 1 min read
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (26) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කස්සප හිමියන් ඇතුළු හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව, පසුගිය නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

