FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

T-56 අවිය අපරාධ කල්ලියකට දුන් PC මෙරටට කුදලන් එයි

FM Heart · 1 min read

The Heart Academy
සිය රාජකාරි T-56 ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදී ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද (26) දිවයිනට රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි රාජ්‍යයට ගොස් සැකකරු මෙරටට රැගෙනවිත් ඇත. ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් මාර්‍ග බාධකයක රාජකාරි කරමින් සිටියදී ඔහු සිය රාජකාරි T-56 ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබාදී ඇති බව සඳහන් වේ. අනුරාධපුර, පේමඩුව, හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තු නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්‍ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන යාමට නියමිතය.
99mobile