
පැය 4ක ප්‍රකාශයෙන් පසු රෝහිත FCIDයෙන් පිටව යයි
FM Heart · 1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ. සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්‍ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබූ බව වාර්‍තා වේ. ඒ අනුව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව රෝහිත රාජපක්ෂ මහතා FCID පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ. එහිදී පිටව යාමට පෙර ඔහු මාධ්‍ය වෙත ද අදහස් පළ කර තිබේ. සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්‍ශනවල කොටසක් ලෙස මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව වාර්‍තා වේ.

