FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇප ලැබුනු කස්සප හිමිගේ මාරාන්තික උපවාසය අතුරුදන්..

FM Heart · 1 min read

The Heart Academy
රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර තිබේ. අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල අධිකරණ නියෝග ද නොතකමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරත වීමත් සමඟ එම පරිශ්‍රයේ උණුසුම් හා ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. එම සිදුවීම සහ අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 12 වැනිදා පොලිසිය විසින් කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් 11 දෙනා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබූ අතර, ඒ අනුව අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.
99mobile