FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලිමෝ හි සඳුන් තාරකත් අත්අඩංගුවට ගනියි!

FM Heart · 2 min read

The Heart Academy
කෘෂි ආයෝජන සඳහා ඉහළ ලාභාංශ ලබාදෙන බව පවසා පුද්ගලයන් දෙදහසක් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ ලිමෝ ප්ලස් ඉන්ටර්‍නැෂනල් (පුද්) සමාගම" (Limo Plus International (Pvt) Ltd) සහ "ලිමෝ ඉන්ටර්‍නැෂනල් (පුද්) සමාගම" (Limo International (Pvt) Ltd) හි තවත් අධ්‍යක්ෂවරයකු මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යංශය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් බිලියන 4 ක පමණ මුදලක් වංචා කර ඇති මෙම සිද්ධියට අදාළව එම වංචාවන් සිදුකළ සමාගම් දෙකෙහි අධ්‍යක්ෂවරුන් දෙදෙනකු මීට පෙරාතුව අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සිද්ධියට අදාළව සොයමින් සිටි අධ්‍යක්ෂවරයාව ඊයේ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යංශය හමුවට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවන මාවත, මණ්ඩාවිල පාර, කැස්බෑව ලිපිනයේ පදිංචි සඳුන් තාරක ප්‍රියකැළුම් ගමගේ නැමති 44 හැවිරිදි අයෙකි. ලිමෝ ප්ලස් ඉන්ටර්‍නැෂනල් (පුද්) සමාගම" (Limo Plus International (Pvt) Ltd) සහ "ලිමෝ ඉන්ටර්‍නැෂනල් (පුද්) සමාගම" (Limo International (Pvt) Ltd) යන නම්වලින් පවත්වාගෙන ගිය මෙම ආයතන හරහා ඉහළ ලාභාංශ ලබා දෙන බව පවසමින් මහජනතාවගෙන් මුදල් ආයෝජනය කරගෙන මෙම වංචාව සිදු කර තිබූ අතර එම ආයතනවලට එරෙහිව මේ වනවිට පැමිණිලි 200 කට අධීක ප්‍රමාණයක් ලැබී තිබේ. මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික ආයතන දෙකක් මගින් සිදුකළ මෙම වංචාවන්ට පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් හසුව ඇතැයි ද පොලිසිය පවසයි. සැකකරු අද (26) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගිනිගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත, මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන සිදු කරයි.
99mobile