
මහින්දගේ කැබිනට් පත්‍රිකාවකට වාසුදේවත් පැටලේ... මෙන්න ඊයේ අල්ලස් කොමිසම පැය ගණනක් ප්‍රශ්න කළ දේ!
FM Heart · 1 min read
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිසම දීර්‍ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කැඳවීමට හේතුව කුමක්ද? අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විශේෂ විමර්‍ශනයකට අදාළව ඊයේ (25) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්‍තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ක්‍රියාත්මක කළ යම් ව්‍යාපෘතියකට අදාළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව ආරංචි මාර්‍ග සඳහන් කරයි. තවත් හිටපු ඇමැතිවරුන් පිරිසකගෙනුත් ප්‍රකාශ අරන්! මෙම අදාළ ව්‍යාපෘතිය සහ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මීට පෙර ද එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන්ම අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව වැඩිදුරටත් අනාවරණය වේ.

