
පරිසර නිලධාරීන් පිරිසකට දුන් පත්වීම්වලට එල්ල වන චෝදනාවලට නියෝජ්‍ය ඇමති ඇන්ටන්ගෙන් උත්තර
FM Heart · 3 min read
නව පරිසර නිලධාරීන් 281 දෙනා මධ්‍යම පරිසර අධිකාරියට බදවා ගෙන ඇත්තේ දේශපාලන වුවමනා මත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය හා පාරිසරික කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් අදාළ පිරිසට ඊයේ දිනයේ පරිසර අමාත්‍යාංශයේදි පත්වීම් ලිපි ලබාදුන්නා. කෙසේවෙතත් බදවා ගත් පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විවිධ චෝදනා එල්ල කර තිබුණා. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා ”අපි පරිසර අමාත්‍යාංශයේ මේ දක්වා බඳවා ගැනීම් විශාල ප්‍රමාණයක් සිද්ධ කෙරුවා . මේ කරපු එකදු බඳවා ගැනීමකටවත් දේශපාලන මැදිහත්වීමක් සිද්ධ වෙලා නෑ . ඒක පරිසර අමාත්‍යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරියේ තිබිච්ච ක්‍රියාවලියේදීත් ඒක එහෙමම තමයි . මොකද අපි දන්නවා වෙනත් පාරවල් වල අපි මේ වැනි බඳවා ගැනීමක් සිද්ධ කරගන්නකොට නිලධාරීන් වේවා, ඊට පල්ලෙහා ඉන්න සේවක ප්‍රමාණය වේවා බඳවා ගන්නකොට, ඒ තම තමන්ගේ දිස්ත්‍රික්ක වලින් පුරවනවා මිසක් කිසිදු සාධාරණත්වයක් නැතුව තමයි මේවා බඳවා ගත්තේ . හැබැයි මේ අපි වර්තමාන රජය බලයට ආවට පස්සේ කිසිදු දේශපාලනික ඇඟිලි ගැසීමකින් තොරව සියලුම සාධාරණ, ඉතාමත් දක්ෂ, සාධාරණත්වය මත ඒ අදාළ ක්‍රයිටීරියා මත බඳවා ගැනීමක් මිසක්, කිසිදු දේශපාලන බඳවා ගැනීමක්, කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් මේක තුළ නැහැ . ඒක මං ප්රසිද්ධියේත් කියනවා, ඕනෑම තැනක ඒක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් . එහෙම නැත්නම් කාටහරි නීතිමය පැත්තෙන් එහෙම එකක් තියෙනවා නම් පෙන්නන්න පුළුවන් .” අදාළ පිරිස බදවා ගැනීම සදහා පැවැත්වූ විභාගය සම්බන්ධයෙන් ද පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැහැදිලි කළේ මෙලෙසයි. ”මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඒ බඳවා ගැනීමට අදාළව විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග තියන්න උත්සාහ කෙරුවා . නමුත් ඒ විභාග තිබීමේදී විභාග දෙපාර්තමේන්තුවට තියෙන නිර්ණායකත් එක්ක ඒ බඳවා ගැනීමට විභාග තිබීමේ හැකියාවක් තිබුණේ නැහැ . ඒකට හේතුව තමයි විභාගයේ ලකුණුත් ඉන්ටර්විව් එකේ ලකුණුත් විභාග දෙපාර්තමේන්තුවේ තියෙන ක්‍රියාපටිපාටියට අනුව ඒක සිදු නොවන නිසා . ඊට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ රජයේ ආයතනයක් විදිහට අපිට ඔය ලංකාවේ තියෙන විභාග පවත්වන මෙවැනි තැනක් හැටියට තියෙන ශ්රීඩා ආයතනය . එතකොට එන්න ඒ ආයතනයට භාර දීලා මෙන්න මේ කටයුත්ත සිද්ධ කෙරුවා . ඒ අතරතුර පරිසර නිලධාරීන්ගේ රාජකාරි ආවරණය කරන සංවර්ධන නිලධාරීන් පිරිසකුත් හිටියා . එතකොට අපි ආරම්භයේදී සාකච්ඡා කෙරුවා මෙන්න මේ නිලධාරීන් කොහොමද මේකේ අපි බඳවා ගන්නේ මේ මධ්‍යම පරිසර අධිකාරියට . එතකොට ගැටලුවක් ආවා, මොකද මේ එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු තුන හතරක වගේ එක්ස්පීරියන්ස් . එතකොට ආපු ගැටලුව තමයි ඒගොල්ලෝ කොච්චර හොඳට වැඩ කෙරුවත් මේක ඒකාබද්ධ සේවය නිසා මේ ඒකාබද්ධ සේවය තුළදී බඳවා ගැනීමේදී යම් අසාධාරණයට ලක් වෙනවා . ඒක නිසා විභාග තබා විභාග තියලා එන්න කියන එකයි .” වසර 29කට පසු මෙතරම් විශාල පරිසර නිලධාරීන් පිරිසක් එකවර රාජ්‍ය සේවයට එක්කර ගැනීම විශේෂත්වයක් බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ. .

