FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ නියෝගය ජනවාරි 12 වනදා

FM Heart · 1 min read

The Heart Academy
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්‍ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් තිබේද? යන කරුණ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා. ඒ අනුව ජනවාරි මස 12 වනදා එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අදාළ පැමිණිල්ල පිළිබඳව මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. .
99mobile