FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරානය ඇමරිකා කදවුරුවලට පහර දෙයි...

FM Heart · 1 min read

The Heart Academy
ඉරානයේ දකුණු දිග පිහිටි සිරීක් ප්‍රදේශයේ විදුලි සංදේශ කුලුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රතිප්‍රහාරය එල්ල කළ බව විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කර තිබේ. බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිරීක් ප්‍රදේශය වෙත සතුරු ප්‍රහාරයක් එල්ල වූ බව නිල හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදු කෙරෙන ගුවන් ප්‍රකෝප කිරීම් සහ නීතිවිරෝධී තෙල් ජාවාරම් වහා නතර කරන ලෙස ආක්‍රමණික සතුරන්ට කරන ලද දැඩි අනතුරු ඇඟවීමක් ලෙස මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව IRGC ප්‍රකාශය උපුටා දක්වමින් IRNA වාර්‍තා කර ඇත. මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සහ උල්ලංඝනය කිරීම් නැවත සිදු වුවහොත්, කිසිදු සීමාවකින් තොරව දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය අභ්‍යවකාශ හා ගුවන් ආරක්ෂණ බලකාය පූර්‍ණ සූදානමින් පසුවන බව ද ඉරානය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
99mobile