
නාමල්ගේ ඇප නියෝගය කල්‍යයි
FM Heart · 1 min read
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ නියෝගය 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම සහ නාමල් රාජපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

