
කොළඹ යට වුන හේතුව අගමැතිනි හරියටම කියයි...
FM Heart · 1 min read
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගීතිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ කැඳවීමෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඉකුත් 06 වැනිදා ඇති වූ ආපදා තත්ත්වය අතිශය අවාසනාවන්ත බවත්, මේ සම්බන්ධයෙන් කිසිවකුටත් චෝදනා එල්ල කරමින් හෝ ඇඟිල්ල දිගු කරමින් කාලය නාස්ති නොකර සියලු දෙනා ඒකාබද්ධව කඩිනම් විසඳුම් කරා එළඹිය යුතු බවත්ය. කොළඹ නගරය ජලයෙන් යටවීම සති එකක හෝ දෙකක කාලයක සිදුවූ තීන්දු තීරණවල ප්‍රතිඵලයක් නොවන බවත්, එය දීර්ඝ කාලයක් තිස්සේ පැවති පරිපාලන හා සැලසුම්ගත දුර්වලතාවල ප්රතිවිපාකයක් බවත් ඇය සඳහන් කළාය. ගංවතුර අවම කරගැනීම උදෙසා මේ වන විටත් ජල බස්නා කානු පද්ධති පිරිසිදු කිරීම, ආපදා කළමනාකරණය විධිමත් කිරීම මෙන්ම විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත් කර එම ජනතාවට සුදුසු විකල්ප වාසස්ථාන ලබාදීම ඇතුළු පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඉදිරි දිනවලදී නැවත වර්ෂාව ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, ඊට පෙර කෙටි කාලීන විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව ද ඇය මෙහිදී අවධාරණය කළාය.

