FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

2027 අයවැයට විරෝධය පා රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අද වැඩ වර්‍ජනයක

FM Heart · 1 min read

The Heart Academy
2027 අයවැය මගින් තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා රාජ්‍ය සේවා ඉංජිනේරුවන් අද (13) එක්දින සංකේතාත්මක වැඩ වර්‍ජනයක නිරත වෙති. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කළේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට 2012 වසරේ සිට ලබා දී තිබූ නමුත් 2024 වසරේදී කප්පාදු කරන ලද ක්ෂේත්‍ර පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව (Field Attendance and Transport – FAT Allowance) යළි ලබාදීමට රජය මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්‍ගයට එළඹි බවයි. 2027 අයවැය යෝජනා මගින් අදාළ දීමනාව යළි ලබාදෙන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබුණ ද, මෙවර අයවැයෙන් ඒ සඳහා විසඳුමක් ලබාදී නොමැති බව ද සංගමය පවසයි. ඒ අනුව, නොවැම්බර් 12 වැනිදා පැවති විධායක කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව අද දිනයේ අසනීප නිවාඩු වාර්‍තා කරමින් මෙම සංකේතාත්මක වැඩ වර්‍ජනය ක්‍රියාත්මක කර තිබේ. මෙය මූලික විරෝධතා ක්‍රියාමාර්‍ගයක් පමණක් බවත්, ඉල්ලීම්වලට කඩිනම් හා සතුටුදායක විසඳුමක් ලබා නොදුනහොත් වඩාත් දැඩි හා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගවලට එළඹෙන බවත් සංගමය අනතුරු අඟවයි. ඉදිරියේදී එවැනි වෘත්තීය ක්‍රියාමාර්‍ග හේතුවෙන් සංවර්‍ධන ව්‍යාපෘතිවලට බාධා ඇති වුවහොත් එහි පූර්‍ණ වගකීම රජය භාරගත යුතු බව ද සංගමය අවධාරණය කරයි.
99mobile