FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අනුරාධපුරය රැකගන්න දුර්‍දර්‍ශී සැලැස්මක අපි ඉන්නේ.. ඒක අපේ හදවත වගේ..

FM Heart · 2 min read

The Heart Academy
අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේ පසුගියදා ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ අනුරාධපුර පූජා නගරය විධිමත් ලෙස සංරක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශක සභාවක් දැනටමත් පත් කර ඇති බවයි. රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්‍ති මහතාගේ සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. පුරාවිද්‍යා දෙපාර්‍තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්‍තමේන්තුව ඇතුළු සියලු ආයතන එක්ව අනුරාධපුර ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය. "අනුරාධපුරය කියන්නේ අපේ රටේ සංස්කෘතික, ආගමික සහ බෞද්ධ මූලමණ්ඩලය ගොඩනැඟුණු පළමු අගනුවරයි. එය ජීවිත පරිත්‍යාගයෙන් රැකගැනීමේ වගකීම ඇත්තේ රජයටයි. ඒ පිළිබඳව අපට අමුතුවෙන් කිසිවකු මතක් කර දිය යුතු නැහැ. පසුගිය අයවැය මඟින් පවා මේ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. රජය ඉතා විධිමත් සැලැස්මකට අනුව කටයුතු කරද්දී, ඊට පිටින් සිදු කළ අවිචාරශීලී සහ අදූරදර්‍ශී කලබලය පිළිබඳව ජනාධිපතිතුමා අයවැය කතාවේදීත් කරුණු පැහැදිලි කළා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම පසුගියදා සිදුවූ ගැටුම කිසිවකුටත් අනුමත කළ නොහැකි, නූතන ඉතිහාසයට පැල්ලමක් එක් කළ අවාසනාවන්ත සිදුවීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවන් පිටුපස පවතින සැබෑ දේශපාලන උවමනාව පිළිබඳව රටේ ජනතාව මනා අවබෝධයකින් පසුවන බව ද කියා සිටියේය. එබැවින් මෙවැනි කලබලකාරී වාතාවරණයන් හමුවේ නොසන්සුන් නොවී, අනුරාධපුරයේ අභිමානය හා බෞද්ධ උරුමය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ නිශ්චිත මාර්‍ගයේ සියලු දෙනා එක්ව ගමන් කළ යුතු බව ද අමාත්‍ය ආචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile