
කොලඹ පිරිසිදු කරන්න අලුත් වාහන ගේනවා..- බල්තසාර්
FM Heart · 1 min read
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මහ සභා රැස්වීමේදී මෙම වැදගත් තීරණය ගෙන ඇත. එම සභාවාරයේදී විශේෂ උපුටා ගැනීම් 3ක් ඇතුළුව න්‍යාය පත්‍රයේ අන්තර්‍ගතව තිබූ අයිතම 36ක් සම්මත කර ගැනීමට හැකි වූ බව නගරාධිපතිනිය සඳහන් කළාය. ඊට සමගාමීව, නගරයේ ජල බැසයාම විධිමත් කරමින් ගංවතුර අවදානම අවම කිරීම වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන කාණු පද්ධති කිහිපයක රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ද මහ සභාවේ නිල අනුමැතිය ලබා දී තිබේ. අලුතින් මිලදී ගැනීමට නියමිත නවීන වාහන කඩිනමින් නගර සභා රථ ඇණියට එක් කරගැනීම හරහා කොළඹ නගරවාසී ජනතාව වෙත ලබා දෙන නාගරික සනීපාරක්ෂක සේවාවන් වඩාත් පුළුල් හා කාර්‍යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

