FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඔලිම්පික් රන් පදක්කමක් දින්නොත් මිලියන 100ක් දෙනවලු.. 2027 ඔලිම්පික් තියා ආසියානු ක්‍රීඩා උළෙලක්වත් නෑ..

FM Heart · 1 min read

The Heart Academy
සමස්තයක් ලෙස මේ අයවැයෙන් සිදුකර ඇත්තේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට, ඉහත ආකාරයෙන් හුදෙක් ජනප්‍රියත්වය වෙනුවෙන් ජනතාව බොරු සිහිනවල මුලාකිරීම පමණක් බව ඔහු අවධාරණය කරයි. "මේ අයවැයෙන් කරලා තියෙන්නෙ, ඇත්තටම මේ රටේ ප්‍රශ්න ටිකක් තියෙනවානෙ, ඒ හැම දේකටම අර ජනප්‍රියත්වය ඉලක්ක කරගෙන මොන මොනවා හරි ටිකක් බෙදාගෙන ගිහිල්ලා. ඒකට හොඳම උදාහරණය තමයි අර ක්‍රීඩාව සම්බන්ධ උදාහරණය. ඉතින් ක්‍රීඩාවටත් මොනවා හරි දාන්න ඕනෙ අයවැයෙන්. ඒකට හිතලා දානවා ඔලිම්පික් හිටපු එක්කෙනෙක්ට මෙච්චරක් දෙනවා කියලා. ඒක මං කියන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියකින්, ප්‍රඥප්තියකින්, මොකක් හරි ගෙනාවා නම් ඒක කියන්න පුළුවන් හැමදාටම කියලා. නමුත් අයවැය කතාවෙන් මේක ඉදිරිපත් කළාම, මේ අයවැය ඉදිරිපත් කරන්නෙ ලබන අවුරුද්දට, ලබන අවුරුද්දේ ආසියානු ක්‍රීඩා උළෙලත් නෑ, ඔලිම්පිකුත් නෑ. හැබැයි ඒක නෙවෙයිනෙ වෙන්න ඕනෙකම තියෙන්නෙ. වෙන්න ඕනෙකම තියෙන්නෙ 2030 ඔලිම්පික් යන ළමයි වෙනුවෙන් මොකක්ද කරන්නෙ කියන එක. ඒක වෙනුවෙන් පියවර ගන්නවා වෙනුවට මේ අවුරුද්දේ මේ හැමදේටම මොනවා හරි ටිකක් විසිකරලා දානවා. ඕකනෙ කරලා තියෙන්නෙ. මේක මේ මිනිස්සු සිහිනවලට ගෙනියන අයවැයක් විතරයි" වරුණ රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.
99mobile