FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අමෙරිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 8ක් ජීවිතක්‍ෂයට

FM Heart · 1 min read

The Heart Academy
අමෙරිකාවේ නිව්‍යෝර්‍ක් නුවර බෘක්ලින්හි ෆ්ලැට්බුෂ් ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. අදාළ ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ඒ අසල පිහිටි ඉදිකිරීම් වළක සේවකයින් පිරිසක් සේවය කරමින් සිටියදී ගොඩනැගිල්ල ඒ මතට කඩා වැටී ඇතැයි සදහන්. පවතින දැඩි වර්‍ෂාව සහ සීතල කාලගුණික තත්ත්වයන් නොතකා, අතුරුදන් වූ සෑම පුද්ගලයෙකුම සොයා ගන්නා තෙක් සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නගරයේ ගිනි නිවන කොමසාරිස්වරිය සදහන් කර තිබෙනවා. .
99mobile