
නුවරඑළියේ නවාතැන්පොලකදී කාන්තාවක් ඝාතතනය කළ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
FM Heart · 1 min read
නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේ නවාතැන්පොලක් තුල කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය පොලිස් ස්ථානයටලද තොරතුරක් මත අනුරාධපුර බස් නැවතුම්පල අසල සිදුකළ වැටලීමකදියි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වූ පුද්ගලයෙක්. ඔහු පසුගිය 10 වනදා තෙරිපැහැ පොලිස් වසමේදී පොලිස් අත්අඩංගුවෙන් පලා ගිය සැකකරුවෙකු වන බවද අනාවරණ වී තිබෙනවා. .

