FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අමෙරිකානු වීසා සීමා හේතුවෙන් ‘මිස් යුනිවර්‍ස්’ තරගාවලියට එක්වන අප්‍රිකානු තරගකාරියන් රැසකට බාධා

FM Heart · 2 min read

The Heart Academy
අමෙරිකානු වීසා ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කරන රොසැනා හෝල් ඇතුළු අප්‍රිකානු තරගකාරියන් කිහිප දෙනෙකුට මෙවර පුවර්‍ටෝ රිකෝහි පැවැත්වෙන ‘මිස් යුනිවර්‍ස්‘ තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. නොවැම්බර් 24 වනදා අවසන් මහා තරගය පැවැත්වෙන 75 වන ‘මිස් යුනිවර්‍ස්‘ තරගාවලිය සඳහා සිම්බාබ්වේ නියෝජනය කිරීමට නියමිතව සිටින රොසැනා හෝල් හට, අමෙරිකානු පාලනය යටතේ පවතින පුවර්‍ටෝ රිකෝ වෙත යාම සඳහා මෙතෙක් වීසා බලපත්‍රය ලැබී නැහැ. මෙම සංචාරක සීමාවන්ගෙන් බලපෑමට ලක් වූ එකම අප්‍රිකානු තරගකාරිය ඇය පමණක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කරන්නේ. අමෙරිකානු සංචාරක සීමාවන් හේතුවෙන් සැම්බියාව නියෝජනය කිරීමට සිටි පැමෙලා මුබංගාතරගාවලියෙන් ඉවත් කර ගැනීමට එරට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. තරගාවලියේ ලියාපදිංචි වීම, ඇඳුම් පැළඳුම් පරීක්ෂා කිරීම සහ අනෙකුත් පූර්‍ව තරග ක්‍රියාකාරකම් සඳහා තරගකාරියන් නොවැම්බර් 8 වැනිදා සිට පුවර්‍ටෝ රිකෝ වෙත පැමිණීම ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් සිම්බාබ්වේ සහ දකුණු සුඩානය වැනි රටවල නියෝජිතවරියන්ට වීසා ලබා ගැනීම සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. පසුගිය ජනවාරි 1 වැනිදා සිට බලාත්මක වූ 10998 දරන අමෙරිකානු ජනාධිපති ප්‍රකාශනය යටතේ අර්‍ධ අමෙරිකානු සංචාරක සීමාවන්ට යටත් වූ රටවල් 19 අතරට සිම්බාබ්වේ රාජ්‍යය ද ඇතුළත් වනවා. මෙම නව නීති මගින් බලපෑමට ලක් වූ රටවල පුරවැසියන්ට සංචාරක, ශිෂ්‍ය සහ හුවමාරු වීසා මෙන්ම සංක්‍රමණික වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර, අනෙකුත් සංක්‍රමණික නොවන වීසා කාණ්ඩ සඳහා ද දැඩි සීමාවන් පනවා තිබෙනවා. .
99mobile