FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට

FM Heart · 1 min read

The Heart Academy
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනට නියමිත පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. 2027 මුදල් වර්‍ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට පැවැත්වෙයි. ඒ අනුව අද සිට එළඹෙන නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7 ක කාලයක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය. Facebook – https://www.facebook.com/share/v/19wVSQtkos/ YouTube – https://youtube.com/live/6-8jbL9ZxzU?feature=share Webcast – https://rebrand.ly/parliament-webcast
99mobile