
ඇමරිකාව යලිත් ඉරානයට පහර දෙයි..
FM Heart · 1 min read
දකුණු දිග ඉරානයේ හෝර්‍මොස්ගාන් පළාතට අයත් මෙම වරාය නගරය වෙත ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර ඇති අතර, ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ "සතුරු බලවේගයක්" විසින් එල්ල කරන ලද ආක්‍රමණයක් ලෙසිනි. කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ල කළ පාර්‍ශ්වය කවුරුන්දැයි ඉරානය නිල වශයෙන් නම් කර නොමැති වුව ද, මෙය එක්සත් ජනපද හමුදා මෙහෙයුමක් බවත්, ප්‍රහාරයට ලක්වූ කලාපය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මධ්‍යස්ථානයක් බවත් ජාත්‍යන්තර වාර්‍තා අනාවරණය කරයි. මෙම ගුවන් ප්‍රහාරය අදියර දෙකකින් එල්ල වූ බවට වාර්‍තා පළ වන නමුත්, ඒ පිළිබඳව මෙතෙක් ස්වාධීන තහවුරු කිරීමක් සිදුව නොමැත. එමෙන්ම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු ද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලෝකයේ බොරතෙල් සහ බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම සමුද්‍රීය මර්‍මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිරීක් වරාය පිහිටා තිබීම හේතුවෙන්, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව මෙන්ම ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ කෙරෙහි ද දැඩි අවදානමක් සහ බලපෑමක් එල්ල විය හැකි බවට ආර්‍ථික හා යුද විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

