FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වසර ගණනාවක තහනම ඉවතට... පාර්‍ලිමේන්තුව උඩින් යන්න අවසර!

FM Heart · 1 min read

The Heart Academy
රත්මලාන ගුවන්තොටුපොළට එන විශාල ගුවන් යානා සඳහා පාර්‍ලිමේන්තුවට ඉහළින් පියාසර කිරීමට අවසර ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 අයවැය පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේ, “රත්මලාන ගුවන්තොටුපළ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර්‍ලිමේන්තුවේ එකගතාවය ඕනා. රත්මලාන ගුවන්තොටුපළ ගුවන් පථය තියෙන්නේ පාර්‍ලිමේන්තුව දිසාවට. එතකොට විශාල ගුවන්‍යානා ආවොත් පාර්‍ලිමේන්තුව උඩින් තමයි ඒක ඔසවන්න සිද්ධ වෙන්නේ. දැනට සිද්ධවෙලා තියෙන දේ තමයි, පාර්‍ලිමේන්තුවේ අවසරය දෙන්නේ නෑ. පාර්‍ලිමේන්තු අවසරය දෙන්නේ නැති නිසා රත්මලාන ගුවන්තොටුපොළේ විශාල ගුවන් යානා ඉහළට ඔසවන්න බෑ. එනිසා ඒ පර්‍යන්තය දියුණු කරත් අපිට ප්‍රශ්නයක් පැන නගිනවා. මොකක්ද, පාර්‍ලිමේන්තුවේ ආරක්ෂාව. අපේ යෝජනවා නම් තියෙන්නේ මේක උඩින් යන්න කියලා. අපි ඉතා ඉක්මනින්ම, කවුරුහරි විරුද්ධ වෙනවා නම් දැන් කියන්න. මේක උඩින් ගියපුවාවේ. මොකක්ද ප්‍රශ්නේ. එනිසා අපි ඒක නිදහස් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බයවෙන්න එපා එහෙම. බයවෙන්න එපා. බයවෙන්න එපා. දැන් කොච්චර කාලයක් තිස්සේ වහලද. බය නැනේ. උඩින් යන්න කමක් නෑනේ. ආ හරි අපි ඒ නිදහස දෙන්නම්.”
99mobile