
හෝමාගම මූලස්ථාන පොලිසියේ 'SI'ට මිනිමැරීමේ චෝදනා යටතේ නඩු!
FM Heart · 1 min read
පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය (12) පියවර ගනු ලැබීය. මියගිය තරුණයා සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සාක්ෂිකරු ඊයේ පළමුවරට අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත්කර සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව හඳුනාගැනීමට සාක්ෂිකරුට හැකිව තිබේ.

