FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වොෂින්ටන් නුවර මහල් නිවාස සංකීර්‍ණයක වෙඩි තැබීමක් – කළමනාකරු ඝාතනය කර වෛද්‍යවරයාත් දිවි නසා ගනී

FM Heart · 2 min read

The Heart Academy
අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවර මහල් නිවාස සංකීර්‍ණයක ඇති වූ වෙඩි තැබීමකින් එම ගොඩනැගිල්ලේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව, තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තම මහල් නිවාසයේ පුස් බැඳීම සහ තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කලක පටන් පැවති ආරවුලක් මත 55 හැවිරිදි වෛද්‍යවරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත්, පසුව ඔහු ද සියදිවි හානිකරගෙන ඇති බවත් එරට පොලීසිය පවසනවා. වෙඩි තැබීමෙන් ් 46 හැවිරිදි ගොඩනැගිලි කළමනාකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් සිව් දෙනා ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්‍තා කළා. ධවල මන්දිරයට සැතපුමක් පමණ උතුරින් පිහිටි ලෝගන් සර්‍කල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්‍ණයක ව්‍යායාම මධ්‍යස්ථානයක් තුළ මෙම වෙඩි තැබීම ආරම්භ වී තිබෙනවා. සැකකරු 55 හැවිරිදි නැමැති වෛද්‍යවරයෙකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර, වෙඩි තැබීමෙන් පසු ඔහු නිවසක් තුළට වී දොරවල් අගුළු දමාගෙන සිට ඇති බව වාර්‍තා වනවා. මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්‍තමේන්තුවේ වැඩබලන ප්‍රධානී ජෙෆ්‍රි කැරොල් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, සැකකරු නිවස තුළ සිරවී සිටියදී ”අවම වශයෙන් දෙවතාවක්වත් දොර හරහා පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබූ” බවයි. අනතුරුව පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී, සැකකරු තමන් විසින්ම තබාගත් වෙඩි පහරකින් මියගොස් සිටිනු දැක ඇති බවයි වාර්‍තා වන්නේ. .
99mobile