FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු බොරතෙල් මිලත් පහළට – කරපු වැරදිවලට සිරගත වෙන්නත් වේ දැයි සැකයක්

FM Heart · 2 min read

The Heart Academy
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජයට ඉරාන යුද්ධය ප්‍රධාන වශයෙන් බලපෑ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත්, ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම තීරණය නිවැරදි බවත්, අවශ්‍ය වුවහොත් නැවත වරක් හෝ එවැනි ක්‍රියාමාර්‍ගයක් ගැනීමට පසුබට නොවන බවයි. මේ අතර, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කර ඇත්තේ, මෙම පරාජයට එකම හේතුව ඉරාන යුද්ධය බවයි. ට්‍රම්ප්ගෙන් පසුව පක්ෂයේ නායකත්වයට පැමිණීමේ සටන වෑන්ස් විසින් මෙලෙස ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. මෙවර මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ඇමෙරිකානු සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය අත්පත් කර ගැනීමට සමත් වුණා. කෙසේවෙතත්, සෙනෙට් ආසන දෙකක ප්‍රතිඵල තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර, මිසිසිපි ප්‍රාන්තයේ ආසනය සඳහා පක්ෂ දෙක අතර ඉතා කරට කර තරගයක් පවතිනවා. අලස්කාවේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් මන්දගාමීව සිදුවන බවයි වාර්‍තා වන්නේ. මේ අතර ඇමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්‍තා වනවා. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 100 සීමාවෙන් පහළට බැස ඇති අතර, මෙය පසුගිය මාස දෙකක කාලය තුළ වාර්‍තා වූ අඩුම තෙල් මිල ලෙස සඳහන්. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක නව මිල සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 94.62ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක නව අමෙරිකානු ඩොලර් 88.09 ක් වනවා. මේ අතර ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් කොංග්‍රස් මණ්ඩලයේ සහ සෙනට් මණ්ඩලයේ බලය හිමිකර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට හැකියාව ලැබුණේ හේතු කිහිපයක් නිසා බව විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහත බැසීම මීට ප්‍රධාන හේතුවක්. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිව්ස් සමඟ සංවාදයකට එක්වූ විදෙස් විත්ති විචාරක චාමර සුමනපාල මහතා. .
99mobile