
ගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ගැන නියෝගය ලබන 25දා
FM Heart · 1 min read
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (04දා) ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණයට බලයක් නොමැති බව මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුවට දන්වා සිටියේය. උසාවියට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීමෙන් පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනයට අගතිදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බවයි. ඒ.ජේ.ඒ. අබේනායක

